ආසියාව දිනන්න වුෂු ක්‍රීඩාවට ඉරානයෙන් සහ චීනයෙන් පුහුණුකරුවන්

චීනයේ හැන්ග්ෂූ හී දී පැවත්වීමට නියමික ආසියානු වුෂු සූරතාවලිය 2022 සඳහා ශ්‍රී ලංකා වූෂු කණ්ඩායම පුහුණු කිරීමට චීනයෙන් සහ ඉරානයෙන් පුහුණුකරුවන් ලබා දීමට ක්‍රීඩ අමාත්‍යංශ ලේකම් රුවන්චන්ද්‍ර සිල්වා  එකඟතාවය පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ වූෂු සම්මේලන සභාපති මානෙල් ධර්මකීර්ති පෙන්වා දෙන්නේ මෙය මේ දක්වා වුෂු සම්මේලනයට නොලැබුණු වරප්‍රසාදයක් බවය.තරඟාවලියට මාස ගණන්,දින ගණන් තිබියදී සංචිත කැඳවීම නොකොට අවුරුදු දෙකක් දුර තබා ගත් මේ තීන්දුවට ප්‍රතිචාර ලෙස රටට පදක්කම් දිනා දීමට කටයුතු කරන බව ද ධර්මකිර්ති පෙන්වා දුන්නේය.

ලෝක සූරතා වූෂු තරඟාවලියේ ලෝකඩ පදක්කමක් දිනා ඇතත්,ආසියානු තරඟාවලියේදී එහි ප්‍රබලකම වැඩි බව පෙන්වා දුන් ධර්මකීර්ති, මේ සඳහා මුහුණ දීමට තාවුලු අංශයට චීන පුහුණුකරුවෙක්ද,සන්දා අංශයට ඉරාන පුහුණුකරුවෙක්ද ලබා දීමට ක්‍රීඩා අමාත්‍යංශය කල්පනා කිරීම ක්‍රීඩාව පැත්තෙන් ගත් යහපත් තීරණයක් බව ද පෙන්වා දුන්නේය.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor