
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඉතාලි මාෆියා සංවිධානවල ආදායම වැඩිවීමේ ඉඩක් මතුව ඇතැයි එරට මාෆියා සංවිධාන පිළිබඳ පරීක්ෂණ අංශය පවසනවා.
ආර්ථිකය කඩා වැටීමත් සමග මාෆියා කණ්ඩායම් එහි වැදගත් අංශ වෙත රිංගාගත හැකි බව එම ආයතනය පෙන්වා දෙනවා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදන අංශය මෙහිදී වැදගත් වනු ඇතැයි පෙන්නුම් කෙරෙනවා.
පොලිස් ප්‍රධානී ෆ්‍රැන්කෝ ගැබ්‍රියෙල්ලි කියා සිටියේ මීට අමතරව ඖෂධ, පිරිසිදු කිරීම්, ප්‍රතිචක්‍රිකරණය කිරීම් හා අවමංගල්‍ය කටයුතු වැනි අංශ කරා ද මාෆියා සංවිධාන අතිර ඇති බවයි.
මේ අතර අඩපණ වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ආධාර කිරීමෙන් විශේෂයෙන්ම ඉතාලියේ දකුණුදිග ප්‍රදේශයන්වල මාෆියා සංවිධාන පැළපදියම් විය හැකියි.
රජයේ කොන්ත්‍රාත්තු ලබාදීමේදී වඩා විමසිලිමත් වීම සහ විනිවිදභාවයෙන් යුතු වීම මාෆියා සංවිධාන ව්‍යාපාර කරා රිංගා ගැනීම වැළැක්වීමට ගතහැකි එක් පියවරක් බවයි විචාරකයන් පවසන්නේ.
