
බ්‍රිතාන්‍යයේ බියට්‍රිස් කුමරිය අද වින්ඩ්සර් මාළිගයේදී විවාහ වූ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළා. ඇය විවාහ වූයේ ඉතාලි ජාතික දේපළ වෙළෙඳ ව්‍යාපාරික එඩුවාර්ඩෝ මපෙල්ලි මොට්සි සමගයි.
මෙම විවාහය දෙවන එළිසබත් රැජිණ ප්‍රමුඛ රජපවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එය පවුලේ කිහිප දෙනකුට පමණක් සීමා වූ අවස්ථාවක් වූ අතර මාධ්‍යයට හෝ පිටස්තරයින්ට විවෘත වූයේ නැහැ.
බියට්‍රිස් කුමරිය ඇන්ඩෘ කුමරුගේ සහ සාරා ෆර්ගර්සන්ගේ දියණියයි. ඇය මැයිබ්මාසයේ විවාහ වීමට සිටි නමුත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විවාහය කල් දමනු ලැබුණා.