
මේ වසරේ ජාතික ක්‍රීඩා උළෙල පැවත්වීමට ඇති ඉඩ කඩ අවම බව ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට පැවත් වූ සාකච්ඡාව සම්බන්ධයෙන් පළවන ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.එම සාකච්ඡාවේදී වාර්තා වූ ඇතම් කරුණුවලට අනුව සමහර පළාත්වල ග්‍රාම සේවා මට්ටමෙන් පැවත්විය යුතු තරඟ පවා නිමා කර නැති බවක් දකින්නට ඇත.පවතින තත්ත්වය අනුව වසංගත තත්ත්වය පැතිර යාම අවම වුවහොත් අවශ්‍යය මූලික මට්ටමේ තරඟ ආරම්භ කරන්නද අඩුම තරමේ නොවැම්බර් මාසය දක්වා බලා සිටින්නට සිදු විය හැකි බවද එහිදී වාර්තා වූ කරුණුවලදි අනාවරනය වී ඇත.
තරඟාවලිය උතුරු මැද පළාතේ අනුරාධපුරයේ පැවත්වීම කෙරෙහි මෙහිදී ද වැඩි අවධානයක් යොමු වී ඇති අතර,තරඟාවලිය නිමා කරමින් පැවත්වෙන මලල ක්‍රීඩා අංශයේ දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමෙන් යම් අවධානයක් දිනා ගනිමින් සිටින මීටර් 3000 බාධක දිවීම වැනි ඉසව්වක් අනුරාධපුරයේ පැවත්වුවහොත් පවත්වන්නට හැකියාව නැත.මේ සම්බන්ධයෙන් වසර කිහිපයකට පාලනය භාර ගන්නා අමාත්‍යවරුන්,අමාත්‍යංශ ලේකම්වරුන් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්ට මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අවශ්‍යය මඟ පෙන්වීම ක්‍රීඩාව විෂය සම්බන්ධයෙන් දැනුවත් පිරිසක් ලෙස රැකියා ලබා සිටින පිරිසගෙන් නොලැබෙන අතර,මෙහිදී කොළම සිය කොඩි කණුවේ සිට ප්‍රවාහනය කිරීමත්,නිරීක්ෂණ චාරිකාත් ආදිය ඇතුළුව ගමන් වියදම් සහ ප්‍රවාහන කටයුතු ලෙස උළෙලකට වැය කරන මුදල අති මහත්ය.එසේම කොළඹින් සංදර්ශන සඳහා යැයි රැගෙන යන සංස්කෘතික සහ කලා අංග වෙනුවෙන් සමහර විට ක්‍රීඩක දක්ෂතා වෙනුවෙන් ප්‍රදානය කරන මුදලට වඩා වැඩි මුදලක් වැය වීම ද සුලබ කරුණකි.
මේ සියල්ල සඳහා යන වියදම අවම කර ගනිමින් අවසාන තරඟ අංශය ලෙස උළෙලට ඇතුළත් කරගන්නා මලල ක්‍රීඩාවල දක්ෂතා ඉහළින් පවත්වා ගන්නටත් ක්‍රීඩා උළෙල කොළඹ පැවත්වීම හරහා විශාල මුදලක් ඉතිරි කර ගන්නට අවස්ථාව හිමිවන අතර,එම ඉතිරි මුදල් වසර ගණනකදී පියවර ලෙස වැය කළහොත් පිට පළාත් හී කෘතිම ධාවන පථ ඇති කරමින් ජාතික ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය පැවත්වීමට පිට පළාත් ක්‍රීඩාංගනවල තාක්ෂණික දුබලතා අවම කර ගැනීමේ හැකියාවද ඇත.
