
මහ මැතිවරණය අවසන් වනතුරු දිවයිනේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ.
අගෝස්තු මස 5 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය අවසන් වනතුරු පාසල් විවෘත නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය පාලනය වනතුරු එලෙස පාසල් විවෘත නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙන අතර ඊට අදාළ නිල නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කරනු ඇතැයි වාර්තා වේ.
මැතිවරණය සඳහා පාසල් පමණක් විවෘත කෙරෙන බවත් මැතිවරණ බලධාරීන් ඒවායේ සිය මැතිවරණ රාජකාරී කරගෙන යනු ඇති බවත් පැවසේ.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරක් හමුවීමත් සමඟ ජූලි 13 වැනිදා සිට 17 වැනිදා දක්වා සතියක කාලයකට පාසල් වසා දැමිණි.
ඩේලිමිරර්