O/L ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර කැඳවීමේ දිනය දීර්ඝ කර තිබේ.විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ එම දිනය ලබන 31 වැනි දින දක්වා දීර්ඝ කර ඇති බවයි.

ඒ සඳහා වන අයදුම්පත්‍ර ලබන 31 වැනිදාට පෙර ලියාපදිංචි තැපෑලෙන් විභාග දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

නැවත සමීක්ෂණ අයදුම් පත්‍රය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ පිළිබඳ 1911 යන විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකතන අංකයෙන් ද විමසීම් කළ හැකියි.

Recommended For You

About the Author: Editor