නැගෙනහිර,ඌව,උතුරු මැදට අද තද වැසි

අද දිනයේ දිවයිනේ නැගෙනහිර,ඌව සහ උතුරු-මැද පළාත්වල සැන්දෑ කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහල මට්ටමක පවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය මි.මී 50 වැඩි තරමක තද වැසි තත්වයක් ලෙස අපේක්ෂා කල හැකි බවද එම නිවේදනයේ දැක්වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Recommended For You

About the Author: Editor