
කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නිරත යුධ හමුදා නිළධාරීන් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ස්ථාපිත කළ යුධ හමුදා රෝහල විවෘත කිරීම යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(17) සිදුකෙරිණ.
කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබු යුධ හමුදා රෝහල හදිසි ප්‍රතිකාර ඒකකයක්,දන්ත ශල්‍යාගාරයක්,බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයක් ඇතුළු රෝහලක පවතින සියළු අංගෝපාංගයන්ගෙන් යුතුව ස්ථාපිත කොට තිබිණ.
නේවාසික ප්‍රතිකාර ඒකකය ඇදවල් 75 කින් යුතුව ස්ථාපිත කොට ඇති අතර,කාන්තා නිළධාරීන් හා පිරිමි නිළධාරීන් වෙනුවෙන් වෙනම වාට්ටු සංකීර්ණ ඉදිකොට ඇති බවද කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පැවසීය.
වැඩසටහන් අවස්ථාවට කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජයන්ත ගුණරත්න මහතා ඇතුළු යුධ හමුදා උසස් නිළධාරීන් රැසක් එක්ව සිටියහ.
army.lk