ඡන්දය ගන්න වෛද්‍ය වෙසින් රැගු අපේක්ෂකයෙකු අල්ලයි

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා කම්කරු පක්ෂයෙන් 2020 මහ මැතිවරණය සදහා තරග වදින අපෙක්ෂකයෙකු බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ඔහුන් භාරයට ගෙන දැඩි ලෙස අවවාද කිරිමෙන් පසු මුදා හැර ඇත.

තමන් වෛද්‍යවරයෙකු බව පවසමින් වතු කම්කරුවන්ගේ රෝග ලක්ෂණ පරික්ෂා කර ඖෂධ ලබා දි සම්බන්ධයෙන් බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයට ලද තොරතුරක් මත මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් එම අපෙක්ෂකයා ඔහුන් භාරයට ගෙන ඇත.

මෙසේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් භාරයට ගනු ලැබුවේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණය සදහ ශ්‍රි ලංකා කම්කරු පක්ෂයෙන් තරග වදින කේ.ආර්.ක්‍රිෂාන් නැමති අපෙක්ෂකයයි.

Recommended For You

About the Author: Editor