
කුරුණෑගල නගරයේ ඵෙතිහාසික ගොඩනැගිල්ලක් කඩා දැමිමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයාගේ නියමයෙන් පත් කෙරුණු කමිටුව අද ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතව තිබේ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට සාමාජිකයින් පස් දෙනෙකු ඇතුළත් ය.කලක් හෝටලයක් ද පවත්වාගෙන ගොස් තිබූ අදාළ ගොඩනැගිල්ල කුරුණෑගල නගර සභාව විසින් කඩා බිඳ දමා තිබුණේ පසුගිය අඟහරුවාදා ය.
එම ස්ථානය පහසුවෙන් ප්‍රතිසංස්කරණය කළ හැකි බව මීට පෙර සිදු කළ පුරාවිද්‍යා අධ්‍යයනයකදී තහවුරු කරගත් බව මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසුවේ ය.