
මන්දගාමී ආරක්ෂාකාරී පිතිකරණයකට අවධානය යොමු කළ එංගලන්ත පිතිකරුවන් කොදෙව් කණ්ඩායම සමඟ පැවත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉණිම වෙනුවෙන් කඩුලු 9 ට ලකුණු 469 ක් ලබා ගත්තේය.එංගලන්ත ක්‍රීඩකයන් අතරින් වඩාත් සාර්ථක වූ බෙන් ස්ටොක්ස් පන්දු 356 දී ලකුණු 176 ක් ලබා ගත්තේය.බෙන් කුණු 100 ලබා ගැනීමට පන්දු 255 ක් වැය කළ අතර ඉතිරි ලකුණු 76 සඳහා ඔහු ගත කළේ පන්දු 101 ක් පමණි.
නමුත් එංගලන්තයේ කඩා වැටීමට නැවතීමට උර දුන් ප්‍රධාන නැංගුරම බවට පත් වූ ආරම්භක පිතිකරු ඩොම් සිබ්ලි පන්දු 372 ක් වැය කර ලකුණු 120 ක් ලබා ගත්තේය.පන්දු 312 ක් වැය කර ශතකය ලබා ගත් සිබ්ලි ඉන් අනතුරුවද මන්දගාමී බව තව දුරටත් සුරැක ගනිමින් පන්දු 60 ක් තුළ රැස් කළේද ලකුණු 20 ක් පමණි.
මැන්චෙස්ටර් තණතිල්ලෙන් පන්දු යවන්නන්ට ප්‍රයෝජනයක් ලබා ගන්නට ඉඩ නොදුන් සිබ්ලි සහ බෙන් හමුවේ සාර්ථකත්වයට ළඟ වෙන්නට හැකි වූයේ පිට දඟ පන්දු යවන රොට්සන් චේස් ය.ඔහු ලකුණු 172 ට කඩුලු පහක් ලබා ගත්තේය.ඒ කඩුලු අතර බෙන් සහ සිබ්ලි ද සිටි අතර පළමු ටේස්ට් තරඟයේ කොදෙව් ජයග්‍රහණයේ පදනම සකසමින් එම තරඟයේ වීරයා වූ ෂෙනොන් ගේබ්‍රියල් ට එකම කඩුල්ලක් හො ලබා නොදෙන්නට එංගලන්ත පිතිකරුවෝ පරික්ෂාකාරී වූහ.
තරඟයේ දෙවන දිනය නිමා වන විට එංගලන්තය ලබා දුන් අභියෝගයට මුහුණ දෙමින් සිටි කොදෙව් කණ්ඩායම එක කඩුල්ලක් අහිමි කර ගනිමින් ලකුණු 32 ක් බා සිටියේය.එංගලන්තය පරාජිත පළමු තරඟයේ නොසිටි සෑම් කරන් එම කඩුල්ල දවා ගනිමින් ජොන් කැම්බෙල් ලකුණු 12 ට ක්‍රීඩා පිටියෙන් ඉවත් කරන්නට සමත් විය.ක්‍රේග් බර්ත්වයිට් (6) සහ ගොම්මන් පිතිකරු ලෙස පිටියට පිවිසි අල්සාරි ජෝෂප් (14) නොදැවී සිටිති.
සජීවී ලකුණු පූවරුවට පහත සබැඳියෙන් පිවිසිය හැකිය.
