
පසුගියදා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දාන්න්ද අලුත්ගමගේ ගේ ප්‍රකාශයක් හේතුවෙන් කතාබහට ලක් වූ හිටපු ශ්‍රී ලංකා නායකයෙක් වන මහේල ජයවර්ධන එස්එස්සී ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙස පත් කරන්නට එම ක්‍රීඩා සමාජය විසින් තීරණය කර ඇත.
කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි මහේල පසුව එස්එස්සී ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව නියෝජනයට වරම් ලබා ගත්තේය.මෙරට බිහි වූ සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස හැඳින්වෙන මහේල බොහො දෙනා හඳුන්වනු ලබන්නේ මෙරට බිහි වූ හොඳම නායකයා ලෙස ය.සීමිත පන්දුවාර ක්‍රිකට් ලෝක කුසලානයේ දී මෙන්ම 10/10 ලෝක කුසලාන තරඟාවලියකදීත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන තරඟය සඳහා ගෙන එන්නට දායක වූ මහේලගේ නායකත්වයට ජාත්‍යන්තර වශයෙන්ද ඉහළ ඇගයීමක් හිමි වන අතර,ඔහු පුහුණුකරුවෙක් ලෙස ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට අවසථා දෙකකදීම එම සූරතාවය ගෙන දෙන්නට මාර්ගෝපදේශකත්වය සපයා ඇත.
පුහුණුකරුවෙක් ලෙස ද වර්ථමානයේ ජාත්‍යන්තර වශයෙන් අවධානය දිනා දී ඇති මහේල මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේද යම් යම් වගකීම් දරන් අතර ඔහු ලෝක ක්‍රිකට් ප්‍රජාව අතර අතිශයින් ගෞරවයට පත් චරිතයක් ලෙස ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් බා දෙන පුද්ගලයෙකි.
