
බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම් වලදි විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 376 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (17) උදෑසන 6 සිට ගතවු පැය 24 ක කාලය තුළ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.
එහිදි හෙරෝයින් ළඟතබා ගෙන සිටි සැකකරුවන් 171දෙනෙකු, ගංජා ළඟ තබා ගෙන සිටි 78 දෙනෙකු , නීති විරෝධී මත්පැන් හා අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 127දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.