
ඇමරිකාවේ සිවිල් අයිතිවාසිකම් සටනේ ප්‍රබලයකු මෙන්ම ජෝර්ජියා ප්‍රාන්තය නියෝජනය කළ කොන්ග්‍රස් සභිකයකු වූ ජෝන් ලුවිස් ඊයේ මියගියා.
අග්න්‍යාශයේ පිළිකාවකින් පෙළෙමින් සිටි ඔහු මියයන විට 80 වන වියෙහි පසුවුණා.1940 දී උපන් ඔහු 1960 දශකයේ සිවිල් අයිතිවාසිකම් සටනට ක්‍රියාකාරී ලෙස සහභාගී වුණා.
1963 දී මාර්ටින් ලූතර් කිං විසින් මෙහෙයවූ වොෂිංටන් කරා පා ගමන සංවිධානය කිරීමට ද ඔහු සම්බන්ධ වුණා. එමෙන්ම 1987 සිට මියයන තෙක් ම ඔහු ඇමරිකානු කොන්ග්‍රස් සභාව නියෝජනය කළා.
