
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ක්‍රීඩාවන් හී නියැලී සිටි ක්‍රීඩකයන් තමන්ට ලැබෙන දීමනා ආදිය අහිමි වීම තුළ මෙන්ම,පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කිරීම නිසා සමාජ වාතාවරණය යහපත් වන විට ක්‍රීඩාවේ නියැලෙන පිරිසගේ අඩුවක් දැකිය හැකි බව ඊට සම්බන්ධව පුහුණු කටයුතුවල යෙදෙන ප්‍රවීනයෝ කිහිප දෙනෙක් පෙන්වා දුන්හ.
දින නියමයක් නොමැතිව ක්‍රීඩා කිරීමට හැකි කාලය දීර්ඝ වන තත්ත්වය තුළ පෞද්ගලික ජීවිතය වෙත අවධානය යොමු කළ ඇතැම් ක්‍රීඩිකාවන් සිය විවාහ ජීවිතයේ තවත් පියවරකට පිවිසෙමින් මාතෘත්වය පිවිසෙන්නට අඩිතාලම දමා ඇත.ඇතැම් පුහුණුකරුවෝද, ක්‍රීඩකයන් මෙන්ම වගා කටයුතුවලට යොමු වී එය වෘත්තීය මට්ටමෙන් කරගෙන යන බවත්,ඇතැම් ක්‍රිඩකයන් ගඩොල් කැපීම වැනි ව්‍යාපාරවලට පවා පිවිසී ඇති බවත් එම පුහුණුකරුවෝ පෙන්වා දෙති
විශෙෂයෙන් ක්‍රීඩාවේ නියැලී ලබන ආදායමට වඩා හොඳ ආදායමක් කය වෙනත් වෘත්තීයකට යොමු කර ලබා ගැනීමේ හැකියාව ඇති බව බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ මොහොතේ විශ්වාසයට ගෙන කටයුතු කරන බැවින්,ඇතැම් විට දුර බැහැර ප්‍රදේශවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගා කටයුතු ආදියට ඇති ඉඩ සළකා මේ තත්ත්වය දිගටම පැවතියහොත්; තවත් පිරිසක් ක්‍රීඩාවෙන් ඉවත් වීමට ඉඩ තිබෙන බව ද ඔව්හූ පෙන්වා දෙති.
