වසර පහකට පසු මලල ක්‍රීඩාවට ඔලිම්පික් සංගමයේ දොර විවර වේ

වසර 2015 දී එවකට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය ලැමින් ඩයැක්ගේ සභාපතිත්වය යටතේ තිබියදී දූෂණ චෝදනා සම්බන්ධයෙන් වූ පරීක්ෂනයකට යටත් ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ වගකීම් දැරීමේන් ඉවත් කළේය නැවත එම අවසථාවට සෙබස්තියන් කෝ ගේ සභාපතිත්වයෙන් යුත් වර්ථමාන ජාතන්තර මලල ක්‍රීඩා සංගමයට ලබා දීමට මේ වන ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව තීරණය කර ඇත.

හිටපු ඔලිමිපික් රන් පදක්කම්ාභි මැදි දුර ධාවකයෙක් වන සෙබස්තියන් කෝ මේ ලද අවස්ථාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවට සිය ස්තූතිය පුද කර ඇති අතර ඉදිරි ප්‍රතිසංස්කරන සහ සංවර්ධන වැඩ වලදී ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව සමඟ සහයෝගයෙන් වැඩ කිරීම සිය අපේක්ෂාව බව ද ප්‍රකාශ කර ඇත.හිටපු ඔලිම්පික් කමිටු නියෝජිතයෙක් වන කෝ 2012 ලන්ඩන් ඔලිමිපික් උළෙලේ ප්‍රධානියා ලෙස ද කටයතු කළේය.ඒ නිසා මේ තත්ත්වය මත බොහෝ විට ඉදිරියේදී කෝ ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවෙන් ලැබුණු මේ අවස්ථාව අනුව ඔහුට ක්‍රීඩකයෙක් ලෙස ඇති කීර්තිමත් ඉතිහාසය මෙන්ම නිලධාරියෙක් ලෙස කැපවීම සම්බන්ධයෙන් ැබී තිබෙන විශ්වාසය ද පදනම් කරගෙන ජාත්‍යන්තර ඔලිමිපික් කමිටු සභාපති ධූරයට පිවිසෙන්නටද ඉඩ ඇත.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor