
ප්‍රංශයේ නැන්ට්ස් (Nantes) නගරයේ ආසන දෙව් මැදුරක ගින්නක් හටගෙන තිබෙනවා.නගරයේ පිහිටි සාන්ත් පීතර සහ පෝල් ආසන දෙව් මැදුරෙහි මෙසේ ගින්නක් හටගෙන ඇති අතර ඊට හේතුව තවම පැහැදිලි නැහැ.
ගිනි නිවන භටයින් 70ක් පමණ මෙම ගින්න නිවීමට පැමිණ තිබුණා.ගොතික් සම්ප්‍රදාය අනුව ඉදිකර ඇති මෙම ආසන දෙව් මැදුර 1862 සිට සංස්කෘතික උරුමය්ක් ලෙස ප්‍රංශ සංස්කෘතික අමාත්‍යංශය විසින් පිළිගෙන තිබෙන බව සඳහන්.
මීට පෙර 1972 දී ඇතිවූ ගින්නක් හේතුවෙන් වසර තුනකට දෙව් මැදුර වසා දමා තිබෙනවා.
