කමිටු 04 ක් යටතේ ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනයට පියවර

  “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නංවමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ජනාධිපති කාර්‍යසාධක බලකාය හා අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ මගපෙන්වීමෙන් සියළුම කැබිනට් අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව “ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන” දැන් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ඒ සදහා පත්කළ ප්‍රධාන කමිටු 04 වනුයේ
01. සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව02. ජීවනෝපාය සංවර්ධන කමිටුව03. දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුව04. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව
“සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව” සදහා කැබිනට් අමාත්‍යාංශ 03 ක් හා රාජ්‍ය අමාත්‍යාංශ 09 ක් සම්බන්ධ වේ.


කැබිනට් අමාත්‍යාංශ.01. අධ්‍යාපන අමාත්‍යාංශය02. සෞඛ්‍ය අමාත්‍යාංශය03. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
රාජ්‍ය අමාත්‍යාංශ.01. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය02. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය03. නිපුනතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්‍යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය04. දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය05. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය06. සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය07. දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය08. ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය.09. ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය.


ඒ අනුව “සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව” ඊට අදාල කැබිනට් අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ, නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් 2020.11.13 දින පෙ.ව.9.00 ට බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල ශ්‍රවණාගාරයේදී රැස්විමට නියමිතය.
මෙහිදී ඒ ඒ අමාත්‍යාංශ වලට අයත් විෂය පථයන් ඔස්සේ බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුකිරීමට නියමිත සමාජීය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් ඉදිරිපත් කර එම කරුණු සාකච්ඡාවට ගැනීමට නියමිතය.

පත්කළ කමිටු 04 ම සෑම දිස්ත්‍රික්කයකටම ගොස් ඉදිරි මාස කීපය තුළ රැස්වී ජනතාව වෙනුවෙන් ග්‍රාමීයව සංවර්ධනය විය යුතු විෂයයන් සාකච්ඡා කිරීමට නියමිතය. මේ හරහා කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල අමාත්‍යවරුන් හා නිළධාරීන් ඒ ඒ පළාතේ ජනතාවගේ ප්‍රශ්ණ හා ගැටලු පිළිබද සොයා බලා ඒවා අවම කිරීම සදහා සුදුසු ක්‍රමවේදයන් සකස් කර අංශ ගණනාවක් ඔස්සේ අති විශාල සංවර්ධන වැඩ සටහන් රැසක් ඉදිරි වර්ෂ කීපය තුළ ක්‍රියාවට නැන්වීමට කටයුතු යොදා ඇත.

Recommended For You

About the Author: Editor