
තැපැල් ඡන්ද විමසීම පැවති කාල සීමාව ඉතා සාමකාමී බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පසුගිය සතියක කාලය තුළ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව කොමිෂන් සභාව සඳහන් කළේය.
මෙවර මහ මැතිවරණයට අදාළව රාජ්‍ය සේවකයින් සඳහා තැපැල් ඡන්ද භාවිත කිරීමට පසුගිය සඳුදා සිට ලබා දී තිබූ නිල කාලය ඊයේ (17) පස්වරු 04.00න් අවසන් කෙරුණි.
කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළදීත් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන් සඳහා එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ තැපැල් ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.