
කුවේටයේ එමීර් වන ශෙයික් සබාහ් අල්-අහ්මඩ් අල්-ජබේර් අල්-සබාහ් වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කර ඇතැයි එරට රජයේ පුවත් සේවය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඒ පිළිබඳ වැඩි විස්තරයක් ඔවුන් දන්වා සිටියේ නැහැ.2006 සිට එරට පාලනය කරන එමීර්වරයා කලාපීය ගැටුම් සාමකාමීව විසඳාගැනීම උදෙසා උත්සාහ කරන්නෙක්.
විශේෂයෙන්ම කටාර් රාජ්‍යය හා සෞදි අරාබිය ප්රමුඛ රටවල් කිහිපයක් අතර ඇතිවූ අර්බුදයේදී එය කැපී පෙනුණා.කුවේට් හි එමීර්වරයා 91 වන වියෙහි පසු වනවා.
