
2020 ඇමරිකානු ජනාධිපතිවරණයට ද රුසියාව හා චීනය බලපෑම් කරන බව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් පවසනවා.
රුසියාව මෙසේ මැතිවරණය කෙරේ බලපෑම් කිරීමේ උත්සාහයන් හි නිරත වන බව ඔහු කියා සිටිනවා. චීනය ද මැතිවරණ ක්‍රමය සහ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය බිඳ හෙලීමේ ප්‍රයත්නයන් හි යෙදෙන බව ඔහු චෝදනා කරනවා.
බයිඩන් කියා සිටියේ තමන්ට ද බුද්ධි තොරතුරු ලබාදෙනු ලබන හෙයින් ඒවා අනුව මේ කරුණු පැවසිය හැකි බවයි.2016 ජනාධිපතිවරණයට ද රුසියාව බලපෑම් කළ බවට බරපතල චෝදනාවක් තිබෙනවා.
