පිලියන්දල 78 දෙනාට කොරෝනා නෑ

කොරෝනා රෝගය වැළඳුණු පිළියන්දල දැල්තර ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලා ගමන් කළ බව කියන පිළියන්දල නගරයේ ව්‍යාපාරික ස්ථාන හතරක් ඇතුළු ස්ථාන නමයක පුද්ගලයින් හැත්තෑ අට දෙනකුගේ සිදුකළ පි.සී.ආර් පරීක්ෂණ වලට අනුව ,කිසිවකුට හෝ කොවිඩ්  19,වෛරසය වැළඳී නැතැයි,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

එම පී.සී.ආර් පරීක්ෂණ  පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේ දී ඉකුත් 16 දා සිදුකළ සිදු කළ බව ද වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා කීය

කන්දකාඩු නිරෝධායන  මධ්‍යස්ථානයේ උපදේශකවරයකු ලෙස සේවය කරන මෙම යුධ හමුදා නිලධාරියා ,නිවාඩු ලබා ,ඉකුත් 3දා ,පිලියන්දල දැල්තර ප්‍රදේශයේ ඔහුගේ මව පදිංචි නිවසට පැමිණ ,4 දා පිළියන්දල නගරයේ රාජ්‍ය බැංකුවක ටේලර් යන්ත්‍රයකින් මුදල් ලබාගෙන තවත් ව්‍යාපාරික ස්ථාන තුනකට සහ ගරාජයකට ද ගොස් ,5 දා නැවත රත්නපුර ප්‍රදේශයට ගොස් ඇතැයි පැවසේ .

පසුව 13 වන දා, එම නිලධාරියාට කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔහු ගමන් කළ ව්‍යාපාරික ස්ථාන තුනක් හා ගරාජය නිරෝධායනයට ලක් කොට ,ටේලර් යන්ත්‍රය භාවිතා කළ පාසල් සිසුවකු ඇතුළු 78 දෙනෙකු  මෙසේ පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කළ බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

Recommended For You

About the Author: Editor