PHI ලා නැතුව ඡන්දේ කරන්න අමාරුයි – මහින්ද

වර්ජනයේ යෙදී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහය නොමැතිව 2020 අංක 01 දරණ මැතිවරණය සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රිකාව ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනාවරණය කොට තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රිකාවේ නිර්දේශ හරියාකාරව ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න සොයා බැලීමට හැකි එකම පාර්ශවය මහජන සෞඛ්‍ය නිලධාරීන් බව ඔහු පෙන්වා දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කරන ලද ප්‍රකාශයක් හා කොරෝනා වසංගත මර්ධන කටයුතු වලදී තමන්ට තිබිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ප්‍රශ්න කිහිපයක් මුල් කොට ගෙන මහජන සෞඛ්‍ය නිලධාරීන් මේ වන විට වර්ජනයක යෙදී සිටියි.

කොරෝනා වසංගත කටයුතු වලට මැදිහත් වීම වර්ජනය කොට තිබෙන එම සංගමය අද (19) සිට බෝවන රෝග මර්ධනයෙන්ද ඉවත් වන බව දැනුම් දී තිබේ.

Recommended For You

About the Author: Editor