
ක්‍රෙඩිට් කාඩ්වල පොලිය සියයට 15 දක්වා අඩු කරන බව රජය නිවේදනය කළ ද, ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් ඒ සඳහා අවශ්‍ය උපදෙස් වාණිජ බැංකුවලට නිකුත් කර නැතැයි වාර්තා වේ.
ඒ අනුව වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවලින් නිකුත් කරන ක්‍රෙඩිට් කාඩ්පත්වල පොලිය සියයට 28 පරාසය තුළ පවතින බවද පැවසේ.
ණය පොලිය සියයට 4 දක්වා අඩු වූ අතර ක්‍රෙඩිට් කාඩ් පොලිය ද එයට සාපේක්ෂව අඩුවිය යුතු නමුත් තවමත් එය සිදු නොවී තිබීමෙන් තමන්ට අසාධාරණයක් සිදුව ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
එසේම මාස දෙකක් පමණ ණය වාරික අය නොකිරීමට ආණ්ඩුව ගත් තීරණය ඇතැම් සමාගම් ක්‍රෙඩිට් කාඩ් හිමියන් උදෙසා ක්‍රියාත්මක නොකරන බවද වාර්තා වේ.
Covid-19 වසංගතයෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා 4% වාර්ෂික පොලියට ණය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් දුන්නද, මේ වන විට ද බොහෝ බැංකුවල එලෙස අඩු පොලියට ණය නිකුත් කරන්නේ මන්දගාමී ස්වරූපයෙන් බව වාර්තා වේ.