අකුරැස්සේ පාසලක් සතියකට වසා දැමීමට තීරණයක්…

අද (30) සිට සතියක කාලයක් කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය වසා දැමීමට තීරණය කර ඇති බව අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නලින් ජයමිනි මහතා පවසයි.

පසුගිය 28 වන දින වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයට අයත් කනංකේ ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් හත්දෙනෙකු හඳුනාගැනීමත් සමග එම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

එමෙන්ම වැලිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ උපදෙස් මත මෙම තීරණය ගත් බව ඒ මහතා සඳහන් කරයි.

Recommended For You

About the Author: Jayani