
තුර්කිය නැගෙනහිර මධ්‍යධරණිය අස්ථාවර කරන ප්‍රතිපත්ති අනුගමනය කරන බවත් අවශ්‍ය නම් එරටින් එල්ල වන තර්ජනවලට මුහුණ දීමට සූදානම් බවත් ග්‍රීක හමුදා ප්‍රධානී ජෙනරාල් කොන්ස්ටන්ටීන් ෆ්ලොරෝස් පවසනවා.
ඊශ්‍රායල් සන්නද්ධ හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අවිව් කොචාවි සමග කළ සාකච්ඡාවකදී ග්‍රීක හමුදා ප්‍රධානියා මෙම අදහස් දක්වා තිබුණා.ග්‍රීසිය සහ තුර්කිය අතර සාමාන්‍යයෙන් එතරම් හොඳ සබඳතාවක් නැහැ.
කෙසේ වෙතත් ඊජියන් මුහුදේ තෙල් හා ගෑස් සඳහා පරීක්ෂා කිරීම, සංක්‍රමණිකයන් පැමිණීම පාලනය කිරීම පිළිබඳ මතභේද සහ සයිප්‍රසය අරබයා දිගින් දිගටම පවතින ගැටුම හේතුවෙන් මෙම තත්ත්වය තවත් අයහපත් වී තිබෙනවා.කෙසේ නමුත් මෙම රාජ්‍යයන් දෙකම නේටෝ සංවිධානයේ සාමාජිකයන් වනවා.
