
ඉරානයේ කුසෙස්ථාන් ප්‍රාන්තයේදී තෙල් නලයක් පුපුරා ගොස් ඇතැයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරනවා.මෙයින් ඇතිවූ ගින්නෙහි දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබුණු බවයි ඔවුන් පවසන්නේ.
කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳ තවම ඉරානයෙන් නිල ප්‍රතිචාරයක් ලැබී නැහැ.පසුගිය දිනවල ඉරානයේ විවිධ පිපිරීම් සද්ධි හා ගිනිගැනීම් ආදිය වාර්තා වුණා. මෙය ද එහිම දිගුවක්ද යන්න පැහැදිලි නැහැ.කෙසේ වෙතත් පසුගිය ජූලි 2 වනදා න්‍යෂ්ටික බලාගාරයක් ආශ්‍රිතව ඇතිවූ පිපිරීම පිළිබඳ ඊශ්‍රායලය දෙසටද චෝදනා එල්ල වනවා.
