ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 12,000 ඉක්මවයි…

අද (01) උදෑසන වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන ඊයේ (30) දිනය තුළ මෙරටින් ආසාදිතයින් 503 දෙනෙකු හඳුනා ගැනීමත් සමග 23,987ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

ඉන් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, 496ක් දේශීයව, විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් 6 දෙනෙක් හා විදෙස්ගත මුහුදු ආරක්ෂක නිලධාරියෙකු වන බවයි.

ඒ අනුව ඊයේ දිනයේ දීත් වැඩිම දෛනික ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ ආසාදිතයින් 147ක් ලෙසය.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 130 ක් හා මහනුවරින් ආසාදිතයින් 41ක් හඳුනාගෙන තිබේ.

මේ වන විට රෝහල්ගත ආසාදිතයින් ගණන 6,309 ක් වන අතර
ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 58ක පුද්ගලයින් 6,204ක් නිරෝධායනය වෙමින් සිටී.

ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 12,031ක් සිදුකර ඇත.

Recommended For You

About the Author: Jayani