
කොවිඩ් 19 හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 5300ක් පමණ දෛනිකව ධාවනය කළත්, එම මණ්ඩලයේ දෛනික ආදායම් අහිමිවීම මේ වනවිට රුපියල් මිලියන 10ක් බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ අගුනකොළපැලැස්ස සිය නිවසේ පැවැති රැස්වීමක් අමතමිනි.
“කොරෝනා වසංගත තත්ත්වය මේ වනවිට සෑම අංශයකටම බලපෑම් එල්ල කර තිබෙනවා. මේ නිසා විදුලිබල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් වුවත් ඉතිහාසයේ දැවැන්තම විදුලි බිල්පත් සහනය මහජනතාවට ලබා දුන්නා. ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 17කට තවමත් අපි විදුලිය දෙන්නේ ඒ්කකයක් රුපියල් 02 ශත 60ක් වැනි සුලු මුදලකට.
ඒ් වගේම තවත් පවුල් දහස් ගානකට ඒ්කක 90ක් දක්වා ලබා දෙන්නේ සහන මුදලකට. පසුගිය වසර 05 ඇතුළත කිසිදු විදුලිබල ව්‍යාපෘති එකක් හෝ ක්‍රියාත්මක නොවීම නිසා වසරින් වසර විදුලි අර්බුදයකට අපි මුහුණ දෙනවා. මේ වසරේත් අපි විදුලි අර්බුදයක් ඒ්වි යැයි අපේක්ෂා කළත් විදුලි අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වුනේ නැහැ. හේතුව තමයි කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක විදුලි ඉල්ලුම පහත වැටීම.