ආනයනික ලොකු ලූනු බද්ද වැඩි කරන්නැයි ඉල්ලීමක්

ලොකු ලූනු අස්වැන්න වෙළෙඳ පොළට පැමිණීමත් සමග ලූනු කිලෝග්‍රෑමයක මිල ශීඝ්‍ර ලෙස පහත බැස තිබේ. පසුගිය සතිය වන විට කොළඹ තොග ව්‍යාපාරිකයන් කිලෝග්‍රෑමයක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 60ක මිලකටය.

පසුගිය දිනවල ඉන්දියාවට බලපෑ අයහපත් කාලගුණය සමග එරටද ලොකු ලූනු මිල ශීඝ්‍ර ලෙස පහත බැස ඇති බව වාර්තා වේ. විදේශයෙන් ආනයනය කරන ලොකු ලූනු කිලෝග්‍රෑමයකට රුපියල් 15ක බද්දක් අය කරන අතර දේශීය ගොවීන්ගේ අස්වැන්න ආරක්ෂා කර ගැනීමට එම බදු මුදල ඉහළ දමන ලෙසට ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Recommended For You

About the Author: Editor