
පුරාවිද්‍යා ස්මාරක වලට සිදු කරන හානි සම්බන්ධයෙන් ගමේ අහිංසක බණ්ඩයියා වැනි පුංචි මිනිස්සුන්ට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිස්සුන්ට ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි කුරුණෑගලට වැඩම කළ ජාතික බොදුබල සේනා සංවිධානයේ කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කළහ.
කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය සහිත ගොඩනැගිල්ලට සිදු කර ඇති හානිය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ ප්‍රශ්නය නැඟූහ.
කුරුණෑගල රාජසභා මණ්ඩපයට සිදු කළ හානියට වගකිවයුත්තන් පුරාවිද්‍යා පනතට අනුව අනිවාර්යයෙන් දඬුවම් ලබා දිය යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා තෙක් ජනතාව ජනාධිපතිවරයා දෙස බලා සිටින බවද උන්වහන්සේ සඳහන් කළහ.
ඡායාරූප අනුග්‍රය – ලංකාදීප වෙබ් අඩවිය