
උතුරු කොරියානු නායක කිම් ජොංග් උන්ගේ ප්‍රධානත්වයෙන් කොරියානු කම්කරු පක්ෂ මධ්‍යම කාරක සභාවේ මධ්‍යම හමුදා කමිටුවේ විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා.
සෙනසුරාදා පවත්වන ලද මෙම රැස්වීමේදී කොරියානු අර්ධද්වීපයේ පවතින තත්ත්වය සාකච්ඡා කෙරුණ අතර සිය උපක්‍රමික අවශ්‍යතා සහ හමුදා ස්ථානගත කිරීම පිළිබඳ සාකච්ඡා සිදුවුණා.
මීට සති කිහිපයකට පෙර මෙම කමිටුවේ මූලික රැස්වීමක් පැවති අතර එහිදී දකුණු කොරියාවට එරෙහිව එතෙක් අරඹා තිබුණු හමුදාමය කටයුතු සහ ප්‍රචාරණ කටයුතු අත් හිටවන්නට තීරණය කෙරුණා.
