
එංගලන්ත සංචාරයේ දෙවන ටේස්ට් තරඟයට සහභාගි වන කොදෙව් කණ්ඩායමට ලකුණු 467 ක් වූ එංගලන්ත ලකුණු ප්‍රමානය හඹා යන්න්ට ලැබී තිබෙන අවස්ථාව ඊයේ ක්‍රියාවට නො’නැඟුනේ ඇඳ හැළුණු වර්ෂාව හේතුවෙන්ය.බෙන් ස්ටොක්ස් සහ ඩොම් සිබ්ලි විසින් රැස් කරන ලද අගනා ශතක පදනම් කරගෙන කඩුලු 9 ට ලකුණු 469 ක් ලැබූ එංගලන්තයට පිළිතුරු දෙන්නට පිවිසි කොදෙව්වන්ට දෙවන දිනය නිමාවේ ලබා ගත හැකි වූයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 32 ක් පමණි.
එංගලන්තය සිය පළමු ඉණිමට සම්පූර්ණ දින දෙකකට ඉතාමත් ආසන්න කාලයක් වැය කළ බැවින් අද සහ හෙට යන දවස් දෙක තුළ තරඟයේ සම්පූර්ණ තීරණය ලැබීමට දැනට ක්‍රියාත්මක කොදෙව් ඉණිමද ඇතුළුව ඉණිම තුනක් හෝ දෙකක් ක්‍රියාත්මක වීමට ඉඩ ඇත.අද වර්ෂාවෙන් බාධාවක් ඇති නොවන්නේනම් එංගලන්තයට කොදෙව් පිතිකරුවන් ඉක්මණින් ක්‍රීඩාගාරයට හරවා යවා ඔවුන්ගේ පළමු ඉණිම නිමා කර හෙට දිනය වැස්සේ බාධාවකින් තොරව දෙවන වරටද සිය පළමු ඉණිමේ ලකුණු ප්‍රමානය ඉක්මවා යාමට පෙර දවා ගතහොත් තරඟයේ ඉණිමක ජයග්‍රාහනයක් කරා යන්නට අවස්ථාව ඇත.
විශ්මිත දෙයක් සිඳු නොවුණහොත්,තරඟයේ ඉණිම් හතරම නිමා වී මේ තරඟයේ තීරණයකට යාම හෝ කොදෙව් ජයග්‍රහණයක් ගැන සිතීමට නොහැකි බැවින් කොදෙව් ක්‍රීඩකයින් සිය වෘත්තිමයභාවය විදහා පාමින් සිය කඩුලු රැකගෙන එංගලන්තය පළමු ඉණිමේ ක්‍රීඩා කළ අයුරින්ම මන්දගාමීව ක්‍රීඩා කර, තරඟය ජය පරාජයෙන් තොරව නිමා කර පළමු තරඟය ජයගෙන තරඟාවලියේ ජයග්‍රාහකයන් ලෙස දැනට ලබා තිබෙන තත්ත්වය ආරක්ෂා කර ගන්නට කටයුතු කරනවාට සැක නැත.
ඡායාරූපයේ දැක්වෙන්නේ බෙන් ස්ටොක්ස් වැසි ආවරණ යොදා ඇති පිටිය නිරීක්ෂණය කරන අයුරුයි. සජීවී ලකුණු විස්තරයට පිවිසෙන්න
