බර ඉසිලීමේ පෝෂණ දීමනාව මතට කමිටු වාර්තාවේ ප්‍රමාදයේ බර වැටේ

ජාත්‍යන්තර පදක්කම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩකයන්ට ලබා දෙන පෝෂණ දීමනා නැවතී තිබීම  සම්බන්ධයෙන් අප ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය විමසූ අවස්ථාවේ පැවසුවේ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අප්‍රේල් මස පත් කළ කමිටුව තවමත් අදාළ වාර්තාව ලබා දී නොමැති බවය.ලබා දෙමින් තිබූ පෝෂණ දීමනා නැවත්වීමට හේතු වූයේ එය නියම කර තිබූ වසරක කාලය නිමා වීම බව පෙන්වා දුන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා,ඉන් අනතුරුව අවශ්‍යයතාවය අනුව නිර්දේශ ලබා ගැනීමට ඒ වෙනුවෙන් අප්‍රේල් මස විශේෂ කමිටුවක් පත් කළ බව පැවසීය.

මෙම කමිටු වාර්තාව ප්‍රමාද වීම නිසා බර ඉසිලීම වැනි ක්‍රීඩාවකට ශරීර යෝග්‍යතාවයට බෙහෙවින්ම අදාළ ශක්තිය සම්බන්ධයෙන් ගැටළුවලට මුහුණ දීමට සිදු වී තිබෙන බව පෙන්වා දුන් පුහුණුකරුවන් කිහිප දෙනෙකුම ඉදිරියේදී ඔලිමිපික් පරිසාධන මට්ටම හඹා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම සිටින බැවින් වසංගත තත්ත්වය නිමා වේ පවත්වන ජාත්‍යන්තර තරඟ සඳහා පුහුණුවීමේ දී විශාල දුෂ්කරතා පැන නැඟෙනු ඇති බවය.

මේවා සම්බන්ධයෙන් ක්‍රියා කිරිමේ බලය යම් බර ඉසිලීමේ පුහුණුකරුවන්ටම පවරා තිබීම ද ගැටළුකාරී බව පෙන්වා දෙන ඔවුන් එහිදී වරප්‍රසාද ලබා දීමේදී වෙනත් පුහුණුකරුවන්ට මෙන්ම වෙනත් පුහුණුකරුවන් යටතේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද මදි පුංචිකම්වලට මුහුණ දෙන්නට සිඳුවන බව පැවසීය.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor