A/L සහ ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනය හෙට කියයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින හෙට (20) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

හෙට පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන අතර ඉන් අනතුරුව විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

එහෙත් පාසල් වසා තැබීම ඇතුළු කරුණු හේතුවෙන් සිසුන්ට අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බවට ඉදිරිපත් වුණු කරුණු සැළකිල්ලට ගනිමින් විභාග දින සංශෝධනය කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කළේය.

Recommended For You

About the Author: Editor