
පුත්තලම ආසිරිගම දස හැවිරිදි දැරිය මරණයට පත්ව ඇත්තේ අධික ලෙස රුධිර වහනය වීමෙන් බව පුත්තලම මූලීක රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි ඩබ්ලිව්.එස්.කේ.ආර්.වික්‍රමාරච්චි මහතා වෛද්‍ය වාර්තාව ලබා දෙමින් සනාථ කර තිබේ.
අධිකරණ වෛද්‍ය නිළධාරි වරයාගේ වාර්තා මගින් සනාථ කර ඇත්තේ දැරිය අමානුෂික ලෙස ලිංගික දූෂණයට ලක්ව ඇති බවයි.
ඉකුත් (16) වන දින සර් පයෙකු දෂ්ඨ කල බව පවසමින් මරණයට පත් දැරියගේ මව දැරිය රෝහල් ගත කර තිබූ අතර, මරණය සම්බන්ධව රෝහල් බළධාරින් හා රෝහල් පොලිස් නිළධාරින් තුළ ඇතිවූ සැකය මත විමර්ෂණ ආරම්භ කළේය.
මෙම මරණයට පත් දැරියගේ මවට විවාහ දෙකකදී දරුවන් අට දෙනෙකු සිටින බවත්, මෙම දැරිය දෙවන විවාහයේ දරුවෙකු බවද, පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
මෙම කාන්තාව මාස අටක සිට අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන පුද්ගලයා විසින් එම දැරිය අමාණුෂික ලෙස ලිංගික දූෂණයට ලක් කර ඇති බවත්, සිද්ධියෙන් පසු දැරිය අධික රුධිර වාහනය වෙමින් තිබියදී රෝහල් ගත කිරීම පවා සිදුකර නොමැති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සිද්ධියට සම්බන්ධන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පුත්තලම මූලස්ථාන පොලිස් පරික්ෂක පී.කුමාරදාස මහතා පවසයි.