
ප්‍රමුඛ අපනයන බෝගයක් ලෙස ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට කඩිනමින් සැලසුම් සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.
ශ්‍රි ලංකාවේ සහ වෙනත් රටවල ගම්මිරිස් ඵලදාව මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරු ඉන්දියාවයි. ඉන්දියාව මිලට ගැනීම් කරනුයේ සලාක ක්‍රමයකට අනුවය. ශ්‍රී ලංකාවට දී ඇති සලාකය වැඩි කර ගැනීම සැලැස්මේ ප්‍රධාන අංගයකි. ඊට අමතරව දේශීය ගම්මිරිස් සඳහා නව වෙළෙඳපොළ සොයා ගැනීමට පියවර ගැනේ. නිමි නිෂ්පාදන ලෙස ගම්මිරිස් අපනයනට ගොවීන් උනන්දු කරවනු ලැබේ. ඇසුරුම් ලෙස (පැකට්) ගම්මිරිස් අපනයනයෙන් සහ ගම්මිරිස් ආශ්‍රිත නව නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට හඳුන්වාදීමෙන් වැඩි ආදායමක් උපයාගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
@PMD News