බාස්කට්බෝල් පුහුණුකරුවකු වීමට ඉගෙනගන්නා ජනාධිපති

සිය ළමා කාලයේ වූ සිහිනයක් සැබෑ කරගන්නා අදහසින් සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුචිච් බෙල්ග්‍රේඩ් හි ක්‍රීඩා හා ශරීර සුවතා පාසැලෙහි පැසිපන්දු පුහුණුකරු පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී තිබෙනවා.පනස් හැවිරිදි වුචිච් බොහෝ සර්බියානුවන් මෙන්ම පාපන්දු හා පැසිපන්දු රසිකයෙක්.

ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස තමා දන්නා දේ තරුණයින්ට උගැන්වීම ඉතා තෘප්තිකර කටයුත්තක් වේ යයි වුචිච් කියා සිටිනවා.ඔහුගේ ආශාව කුඩා ක්‍රීඩා සමාජයකට දායකත්වය දැක්වීම බවයි ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ වුචිච් කියා සිටියේ.

2014 දී සර්බියාවේ අගමැති ධුරයට පත් වූ වුචිච් 2017 දී ජනාධිපති ලෙස පත් වුණා. කෝවිඩ්-19 වසංගතය මැඩීමට ඔහු ගත් ක්‍රියාමාර්ග විවේචනය කරමින් වුචිච්ගේ රජයට එරෙහිව පසුගියදා උද්ඝෝෂණ හටගත්තා.

Recommended For You

About the Author: Editor