
ඉරානයේ ඉස්ෆහාන් ප්‍රදේශයේ විදුලි බලාගාරයක පිපිරීමක් වාර්තා වී තිබෙනවා.බලධාරීන් පවසන්නේ මෙම පිපිරීමෙන් බලාගාරයේ විදුලි උත්පාදනයට බාධාවක් වී නැති බවයි.
එමෙන්ම හානියට පත් වූ උපාංග ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුවන බව ද ඔවුන් කියා සිටියා.පසුගිය ජූනි 26 වනදා සිට ඉරානයෙන් නිරන්තරයෙන් මෙවැනි පිපිරීම් හා ගිනිගැනීම් වාර්තා වනවා. ජූලි 2 වනදා ඉස්ෆහාන් ප්‍රදේශයේම නටාන්ස් න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව පිපිරීමක් වාර්තා වුණා.
මෙම සියළු ක්‍රියා කඩාකප්පල්කාරී වැඩපිළිවෙලක ප්‍රතිඵල වියහැකි බව සැක සංකා මතු වෙමින් තිබෙනවා.
