විජිත හේරත් ගෝඨාභයට අභියෝග කරයි

එම්.සී.සී. ගිවිසුම පිළිබඳ ස්ථාවරය අගෝස්තු 05 වැනිදාට පෙර රටට පවසන ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම්, ජාතික ජනබලවේගයේ අපේක්‍ෂක විජිත හේරත් මහතා සඳහන් කළේය.

බලයට පැමිණ පැය විසිහතරකින් එම්.සී.සී. ගිවිසුම කුණු බක්කියට දැමීමට කටයුතු කරන බවට රාජපක්‍ෂවරුන් සඳහන් කළ බවත්, මීට අමතරව ගිවිසුම් පිළිබඳ පරීක්‍ෂා කර බැලීමට කමිටුවක් පත් කළ බවත් ඒ මහතා පවසා සිටියේය.

මෙම කමිටු වාර්තාව ජූලි 01 වැනිදා කැබිනට් මණ්ඩලයට ලබාදී සති දෙකකින් තම තමන්ගේ සමාලෝචන ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලබාදුන් බවත්, එහෙත් සමාලෝචන ඉදිරිපත් කරන කාලය මේ මස 22 වැනිදා දක්වා දීර්ඝ කළ බවත් විජිත හේරත් මහතා පැවසීය.

එම්.සී.සී. ගිවිසුම පිළිබඳ කල් මරමින් සිටින්නේ, ඡන්දයෙන් පසු ගිවිසුම් අත්සන් කරන්න වාතාවරණයක් සකස් කර ගැනීමට බවත්, වගකිව යුතු රජයක් නම් ඒ පිළිබඳ වහාම නිල ප්‍රකාශයක් සිදුකළ යුතු බවත් ඊයේ (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor