
අපිට ලැබුණේ වැටුණු රටක්.පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වැටි තිබූ රට කොරෝනාවෙන් බිමටම සමතලවෙලා ගියා. මේ වැටුණු රට යළි ගොඩගන්නට නම් ශක්තිමත් ජනාධිපතිවරයෙක් වගේම ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඉතාම අවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඊයේ(19 ) අම්බලන්ගොඩ පැවති ජන හමුවකදි කීවේය.
එහිදි තව දුරටත් කතා කල නාමල් රාජපක්ෂ මෙසේද කීවේය .
දැන් රටට ශක්තිමත් ජනාධිපතිවරයෙක් ඉන්නවා. ශක්තිමත් පාර්ලිමේන්තුවක් නැහැ.ඒ නිසයි මේ පාර මහා මැතිවරණය අපිට වඩාත් වැදගත් වන්නේ. ඒ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න තියෙන හොදම අවස්ථාව මේ මහා මැතිවරණයයි. ඒ නිසා මේ මැතිවරණය ලංකාවේ අනෙක් මැතිවරණවලට වඩා තීරණාත්මක එකක් කියන එක මම ඔබ තමුන්නාන්සේලාට අමුතුවෙන් කියන්න යන්නේ නැහැ.
ශක්තිමත් ජනාධිපතිවරයා ඉන්න පක්ෂයෙන්ම තමයි පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුත්තේ. ශක්තිමත් ජනාධිපතිවරයාට ශක්තිමත් පාර්ලිමේන්තුවත් එක්ක වැටි ඇති මේ රට ගොඩගන්න පුලුවන්. ඒක ගැන බිය සංඛා තියා ගන්න එපා.
ජනපති ගෝඨාමහත්තයාටයි අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාටයි මේ රට ගොඩගන්න පුලුවන් .
මේ කොරෝනා යුද්ධය ආපු වෙලාවේ සජිත් මහත්තයා හිටියානම් කොහෝමද රට .බලන්න තිබුණා එහෙනම් රටට මොකද වෙන්නේ කියලා. අහන්න දෙයක් නැහැ රටේ මිනිස්සුන්ගෙන් භාගයක් විතර මේ වනකොට මැරිලා.
ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහත්වරුන් එකතුවෙලා මුලින්ම දිනන්න බැහැයි කියලා අවුරුදු තිහක් තිස්සේ අතහැර දමා තිබූ යුද්ධය අවුරුදු තුනකින් ජය ගත්තා. මේ කොරෝනා යුද්ධයත් මේ දෙදෙනා එකතුවෙලා ජය ගන්න එක බොහෝම පැහැදිලියි.