
තමා බලයට පත් වූ පසුව සමෘද්ධිලාභීන් රැක බලා ගැනීමේ විශේෂ වැඩ පිළිවෙළක් සකස් කරන බව සමඟි ජනබලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා “දිනමිණ”ට පැවැසීය. කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් රජය ලබා දුන් රුපියල් 5,000ක සහනාධාරය නැවත අය කර ගැනීමේ සැලසුමක් පවතිනවා යැයිදි ඒ මහතා කියා සිටියේය.
පසුගිය මාසයට අයත් රුපියල් 5000 ක මුදල මේ වන තෙක් රජය අදාළ සමෘද්ධිලාභින්ට ලබා දී නැති බව කියා සිටින සජිත් ප්‍රේමදාස මහතා සියලු සමෘද්ධීලාභීන් රැක බලා ගැනිම තමන්ගේ ආණ්ඩුවක් තුළ කරන බව අවාධාරණය කර සිටී.
ජනතාව විවිධ අසීරුතා මැදයි ජීවත් වෙන්නේ. මේ ජනතාවට නැඟිටින්න අත දිය යුතුයි. මම ආර්ථීක අපහසුතා ඇති ජනතාව වෙනුවෙන් තව සහන දීමට බලාපොරොත්තු වෙනවා. මේ ආණ්ඩුව බලයට ආවේ ජනතාවට සහන දෙනවා කියලයි. ඒත් අඩු ආදායම් ලාභීන්ට ලබා දෙන රුපියල් 5000 වත් නිසියාකාරයෙන් ලබා දුන්නේ නැහැ. කොවිඩ් හේතුවෙන් ජනතාව තවමත් සිටින්නේ අපහසුතා මැදයි. විශාල පිරිසට මේ වන විට රැකියා නැතිව සිටිනවා යැයි ද ඒ මහතා කියා සිටියේය.