රටේ මුලික නීතිය ගැනවත් ඇතැම් අපේක්ෂකයින්ට අවබෝධයක් නෑ – පැෆ්රල්

මහජන නියෝජිත ආයතන සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ට සහ ජනතාවට අවබෝධයක් තිබිය යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ මහජන නියෝජිත ආයතන සම්බන්ධයෙන් එම දෙපාර්ශවයට අවබෝධයක් නොමැති වීම ගැටලු සහගත තත්ත්වයක් බවය.

ඇතැම් මහජන නියෝජිතයන්ට රටේ මුලික නීතිය පිළිබදව පවා අවබෝධයක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

ජනතාවට ද මහජන නියෝජිතයින් තෝරා ගැනීමට සිදුව ඇත්තේ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුවෙන් බැවින් වඩාත් සුදුසු අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ වගකීම දේශපාලන පක්ෂවලට පවතින බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

Recommended For You

About the Author: Editor