PHI වර්ජනයට PHFOද එක්වෙයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය දැක්වීමට මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී ඒකාබද්ධ සංගමය විසින් තීරණය කර තිබේ.

මේ බව දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට එහි සභාපතිවරයා විසින් ලිපියක්ද යොමු කර ඇත.

කොරෝනා මර්දනය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ලබා නොදීම හෙළා දකින බවත් ඒ අනුව ඔවුන් ගනු ලබන ක්‍රියා මාර්ග හා අනෙකුත් කටයුතු සඳහා තම සංගමය සහාය වන බවත් එම ලිපියේ සදහන් කර තිබේ.

Recommended For You

About the Author: Editor