
ආර්මේනියා හමුදා විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ අසර්බයිජාන යුධ ටැංකි හතරක් විනාශ වී ඇති බවට දැක්වෙන ගුවනින් ගත් ඡායාරූපයක් ප්‍රචාරය වෙමින් පවතිනවා.
දෙපාර්ශවයේ දේශසීමාව අසළදී එල්ල වූ ප්‍රහාරයක් ඊට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.කෙසේ වෙතත් අදාල ඡායාරූපය ගැනීමට පෙර හානියට ලක් වූ ඇතැම් වාහන ප්‍රදේශයෙන් ඉවත් කරගෙන ඇති බවට ද සැකයක් මතු වී තිබෙනවා.
පසුගිය ජූලි 12 වනදා සිට අසර්බයිජානය හා ආර්මේනියාව අතර දේශසීමාවේ ගැටුම් පැවතුණා.
