නුගේගොඩ ගුවන් පාලම මත අරතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (VIDEO)

නුගේගොඩ ගුවන් පාලම මතදී යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද උදෑසන කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී පනාගොඩ දෙසට ගමන් කරමින් තිබූ යුද හමුදා කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුද හමුදා කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ හමුදා සෙබළා වන අතර තුවාල ලැබූ දෙදෙනා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

@ඡායාරූපය හිරු වෙබ් අඩවියෙන්

Recommended For You

About the Author: Editor