අදත් මි.මී. 75කට වැඩි තද වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද හා මධ්‍යම පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර, ගිඟුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

අද උදෑසන 8 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කෑගල්ල, දෙහිඕවිට ප්‍රදේශයට ය.

එම අගය මිලිමීටර 219 කි.

ගාල්ල , හියාරේට මිලිමීටර 160 ක් සහ ඇත්කුඳුරට මිලිමීටර 137.5 ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

කළුතර, මීගහතැන්නට ලැබී ඇති වර්ෂාපතන අගය මිලිමීටර 117 කි.

රත්නපුර , පරකඩුවට මිලිමීටර 106 ක් සහ ගම්පහ පස්යාලට මිලිමීටර 100 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Recommended For You

About the Author: Editor