දිස්ත්‍රික්ක පහකට නායයෑම් අනතුරු ඇඟවීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානමක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට හෙට උදෑසන 9 දක්වා මෙම නායයෑම් අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි.

එමෙන්ම පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර කොටස තාවකාලිකව වසා දමා ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

Recommended For You

About the Author: Editor