ගංවතුර හේතුවෙන් දකුණු ආසියාවේ මිලියන හතරක් අවතැන්

මෝසම් වැසි හේතුවෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් දකුණු ආසියාවේ ඉන්දියාව, බංග්ලාදේශය හා නේපාලය යන රටවල මිලියන හතරක් දෙනා අවතැන් වී තිබෙනවා.මේ අතර මේ රටවල 200 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට මේ තත්ත්වය බෙහෙවින් බලපා ඇති අතර දැනටත් එහි ගංගාවල ජලමට්ටම භයානක තත්ත්වයක පවතිනවා. එම ප්‍රාන්තයේ කාසිරංගා වනෝද්‍යානයේ රයිනෝ සතුන් කිහිප දෙනකුද ජලගැලීම් හේතුවෙන් මියගොස් තිබෙන බව වාර්තා වනවා.මේ අතර බංග්ලාදේශයේද මිලියන 2.6 ක පමණ ජනතාවකට මහවැසි හා ජලගැලීම් හේතුවෙන් බාධා පැමිණ තිබෙන බව එරට බලධාරීන් පවසනවා.

නේපාලයේ ද දිස්ත්‍රික්ක 77 න් 26 ක ජලගැලීම් වාර්තා වුණා. එහි මේ වනවිටත් ජීවිත සියයකට වඩා අහිමිව තිබෙනවා.මේ අතර ඉන්දියාවේ අගනුවර දිල්ලියේ ද ඇතැම් ස්ථාන ඊයේ ජලයෙන් යට වුණා.සාමාන්‍යයෙන් ජූනි සහ සැප්තැම්බර් මාස අතර පැමිණෙන මෝසම් වැසි හේතුවෙන් මෙම කලාපයේ ජලගැලීම් ඇති වනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor