කොදෙව් පසුපෙළ පිතිකරුවෝ අසරණ වෙති

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ගේ පසුපෙළ පිතිකරුවන් පස් දෙනෙකුගේ ලකුණු එකතුව හතක් පමණක් වීමෙන් ලකුණු 469 ක් හඹා යමින් සිටි කොදෙව් ඉණිම ලකුණු 287 ක් ව තිබියදී නැවතිණි.පළමු ටෙස්ට් තරඟයේ ජයග්‍රහණයට පිත්තෙන් දායක වූ ජෙරමින් බ්ලැක්වුඩ්,ෂේන් ඩොවිච් සහ සෙනොන් ගේබ්‍රියල් යන තිදෙනාම ලකුණු නොලබා දැවී යද්දී,නායක ජේස්න් හෝල්ඩර් (02) සහ කෙමාර් රෝච් (නොදැවී 05) පමණක් ලකුණු එකතු කළ අතර ලකුණු 242 සිට අවසන් කඩුලු පහ අඩු ලකුණු ගණනකට දැවී යද්දී හුදෙකලා සටනක නිරත වූ රොස්ටන් චේස් සටන්කාමී ලකුණු 51 ක් ලබා ගත්තේ තමන්ගේ අනෙක් අන්තයේ පිතිකරුවාට පන්දුවට මුහුණ දීමට ඇති අවස්ථාව හැකිතාක් දුරට මඟ හරවමින්ය.චේස් එංගලන්ත පිතිකරුවන් මෙල්ල කිරීමට උත්සාහ කළ කොදෙව් පන්දු යැවීමේ බල ඇණියේද මුල් තැන ගනිමින් කුණු 172 ට කඩුලු 5 ක් ලබා ගනිමින් රැස් කළ මෙම අර්ධ ශතකය අවශ්‍යයම මොහොතක කොදෙව් කණ්ඩායමට හිමි වුණු තුන් ඉරියව් ආශිර්වාදයක් විය.

ලකුණු 199 ට කඩුලු හතරක්ව තිබියදී පිටියට පිවිසි චේස්, ශමාර් බෘක්ස් (68) සමඟ පස්වන කඩුල්ලට ලකුණු 43 ක සබඳතාවයක් පවත්වා ගන්නේ බෘක්ස්ට මුල් තැන දෙමින්ය.මේ දෙදෙනාට අමතරව කොදෙව් ඉණිමට ශක්තිය ලබා දුන් කොදෙව් ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ ආරම්භක පිතිකරු ක්‍රේග් බ්‍රේත්වයිට්  ලකුණු 76 ක් ලබා ගන්නේ කොදෙව් ඉණිමේ හොඳම කඩුලු සබඳතාවය වූ ලකුණු 76 ක්,ශමාර් සමඟ සිව්වන කඩුල්ලට එකතු කරමින්ය. එමෙන්ම බ්‍රේත්වයිට් සහ ෂායි හෝප් (25) තෙවන කඩුල්ලට ලකුණු 53 ක සබඳතාවයක් ද තැනූහ.

එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක් වූ ක්‍රිස් වෝක්ස් සහ ස්ටුවර්ඩ් බ්‍රෝඩ් පිළිවෙලින් ලකුණු 42 ට සහ ලකුණු 66 ට කඩුලු 3 බැඟීන් ලබා ගනිමින් කොදෙව්වන්ට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක් වූ ප්‍රධාන පන්දු යවන්නෝ බවට පත් වූහ.

කෙසේ හෝ පළමු ඉණිමේ ලබා තිබූ ලකුණු 182 ක මුල් ඉණිමේ වාසිය ඊයේ දිනය නිමාවන විට හැකිතාක් වැඩි කර ගැනීමේ අරමුණෙන් එංගලන්ත පිතිකරුවෝ සිය පිතිකරණ නාමාවලිය වෙනස් කරමින් ආරම්භක පිතිකරුවන් ලෙස ප්‍රහාරත්මක ජොස් බට්ලර් සහ බෙන් ස්ටොක්ස් යොදවා ගැනීමට කටයුතු කළහ.නමුත් එම අදහස මුදුන් පමුණුවා ගැනීමට ඉඩ නොදී, එංගලන්තයට හරස් වූ කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක කෙමාර් ජොස් බට්ලර් ලකුණු ලබන්නට පෙරත්,ෂැක් ක්‍රෝලි ලකුණු 11 ත් පිටියෙන් ඉවත් කරමින් ඊයේ දිනය නිමා වන විට එංගලන්ත ලකුණු පූවරුව ලකුණු 37 ට කඩුලු 2 ක් බවට පත් කළේය.

අද තරඟයේ තීරණාත්මක අවසාන දිනය යි.

සජීවි ලකුණු විස්තරයට පිවිසීම සඳහා

https://www.espncricinfo.com/series/19497/scorecard/1225248/england-vs-west-indies-2nd-test-west-indies-in-england-2020

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor